23rd January 2026 11:55:06 Hours
2025 දෙසැම්බර් මස 06 වන දින හොරණ පිහිටි 582 පාබල බලසේනා මූලස්ථානයේදී සාම්ප්‍රදායික හමුදා චාරිත්‍රානූකූලව 582 පාබල බලසේනාවේ 17 වන බලසේනාධිපති ලෙස කර්නල් එල්ආර් අමරසේකර සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
582 පාබල බලසේනා මූලස්ථානයේ ප්‍රධාන දොරටුවේදී නව බලසේනාධිපතිතුමාහට කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව, 582 පාබල බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් විසින් එතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.