20th April 2025 12:33:45 Hours
බ්‍රිගේඩයර් එල් ඩි පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂෟඨ නිලධාරි හොරණ 582 පාබල බලසේනා මුලස්ථානයේදි යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 2025 අප්‍රේල් මස 11 වන දින 582 පාබල බලසේනාවේ 16 වැනි බලසේනාධිපති වශයෙන් රාජකාරි භාර ගන්නා ලදි.
582 පාබල බලසේනා මුලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදි නව බලසේනාධිපති වෙත කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර, 582 පාබල බලසේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරි - 1 ශ්‍රිලපාහ , සහ අණදෙන නිලධාරි - 21 ශ්‍රිලංසිරෙ විසින් බලසේනාධිපති තුමන් 582 පාබල බලසේනාව වෙත ඉතා උණුසුම් අයුරින් පිලිගන්නා ලදි.
ඉන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යෙය් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනාවන් අතරතුර, සුබ මොහොතින් නිල ලේඛණයට අත්සන් තබමින්, බ්‍රිගේඩියර් එල්ඩි පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය රාජකාරි භාර ගන්නා ලදි.
වැඩ භාර ගැනිමෙන් පසු බලසේනාධිපති තුමන් විසින් අඹ පැළයක් රෝපණය කර 582 පාබල බලසේනාව යටතේ ඇති ඒකකයන්හි අණදෙන නිලධාරින්, 582 පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් සහ සියලු නිලයන් සමඟ සමුහ ඡායාරූපයකට පෙනිසිටියේය. ඉන් අනතුරුව නව බලසේනාධිපති විසින් සියළු නිලයින් ඇමතිම සිදු කර අතර, උත්සවයේ අවසන් අංගය වශයෙන් නව බලසේනාධිපති තුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගි වන ලදි.