Header Sinhala

04th August 2023 12:08:28 Hours

582 පාබල බලසේනාවේ නව බලසේනාධිපතිතුමන් වැඩ භාර ගැනිම

බ්‍රිගේඩියර් එස් ඩබ්ලිව් ආර් ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී හොරණ 582 පාබල බලසේනා මූලස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 2023 ජූලි 27 වැනි දින 582 පාබල බලසේනාවේ 14 වැනි බලසේනාධිපති වශයෙන් රාජකාරී භාර ගන්නා ලදී.

582 පාබල බලසේනා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී නව බලසේනාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර, 582 පාබල බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි, අණදෙන නිලධාරි - 1ශ්‍රිලපාහ, අණදෙන නිලධාරි - 9 ගැහේබ සහ 582 පාබල බලසේනා මූලස්ථානයේ අනෙකුත් මාණ්ඩලික නිලධාරීන් විසින් බලසේනාධිපතිතුමන් 582 පාබල බලසේනාව වෙත ඉතා උණුසුම් ලෙස පිලිගන්නා ලදි.

ඉන් අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනාවන් අතරතුර, සුබ මෙහොතින් නිල ලේඛනයට අත්සන් තබමින් බ්‍රිගේඩියර් එස් ඩබ්ලිව් ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සිය රාජකාරි භාර ගන්නා ලදී.

වැඩ භාර ගැනීමෙන් පසු බලසේනාධිතුමන් විසින් අඹ පැළයක් රෝපණය කර 582 පාබල බලසේනාව යටතේ ඇති ඒකකයන්හි අණදෙන නිලධාරීන්, 582 පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් සහ සියලු නිලයන් සමඟ සමූහ ඡායා රූපයකට පෙනී සිටියේය.