Header Sinhala

08th February 2024 10:22:49 Hours

582 පාබල බලසේනාව විසින් අඩු ආදායම්ලාභී ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය පරිත්‍යාගයක්

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩීඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ‍ගේ මගපෙන්වීම යටතේ සහ 582 පාබල බලසේනාවෙහි බළසේනාධිපති බ්‍රිග්‍රේඩියර් එස්ඩබ්ලිව්ආර් ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ‍ගේ උපදෙස් පරිදි 2024 අධ්‍යන වර්ෂය සඳහා හොරණ වවුලාගල ප්‍රාථමික විද්‍යාලයේ දුෂ්කරතා ඇති සිසුන් 50 දෙනෙකුට හා 582 පාබල බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුධ හමුදා සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයට අයත් පාසල් සිසුන් 50 දෙනෙකු සඳහා අභ්‍යාස පොත් සහ අනෙකුත් පාසල් ලිපි ද්‍රව්‍ය ප්‍රධානය සිදුකෙරිණි.

මෙහි ප්‍රධාන අමුත්තා ලෙස 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩීඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය. 582 බලසේනාවේ බලසේනාධිපති සහ ප්‍රධාන පරිත්‍යාගශීලී ආචාර්ය ජිනංජලා ශානිකා විජේගුණසේකර, රවී පෙරේරා, කෞෂල්‍යා තිලකරත්න, උදුල සේලකර සහ ධනුෂ්කා වීරසේකර යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.