Header Sinhala

21st January 2026 11:48:12 Hours

581 පාබල බලසේනාවේ නව බලසේනාධිපති නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී

2025 සැප්තැම්බර් මස 12 වන දින බෙල්ලගස්වැව බලසේනා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී 581 පාබල බලසේනාවේ 11 වන බලසේනාධිපති ලෙස කර්නල් ඕඑන් මානගේ ආර්එස්පී නිල වශයෙන් රාජකාරී භාර ගන්නා ලදී. බලසේනා කාර්ය මණ්ඩලය විසින් විධිමත් පිළිගැනීමක් සහ පසුව හමුදා මුරයක් සමඟින් උත්සවය ආරම්භ විය. පසුව නව බලසේනාධිපති සුභ මොහොතින් නිල ලේඛණයකට අත්සන් තැබූ එතුමන් සංකේතාත්මක ලෙස කඳවුරු පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කරන ලදී. පසුව සමූහ ඡායාරූපයකට සහභාගී වූ අතර, සියලු නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් උත්සවය අවසන් කළේය.