Header Sinhala

06th March 2025 19:31:46 Hours

581 පාබල බලසේනාව සිය 10 වන සංවත්සරය සමරයි

581 පාබල බලසේනාව 2025 මාර්තු 03 වන දින අම්බලන්තොට, බෙල්ලගස්වැව බලසේනා පරිශ්‍රයේදී සිය 10 වන සංවත්සරය සැමරීය. මෙම සංවත්සරයට සමගාමිව බලසේනාව විසින් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලද අතර, කඳවුරු භූමියේ පොල් පැළ සිටුවීම, ක්‍රිකට් තරඟාවලිය සහ බෝධි පූජා උත්සවයක් ඇතුළත් විය. බලසේනාධිපති තුමන් හට කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමෙන් අනතුරුව බලසේනාධිපති තුමන් විසින් භට පිරිස් ඇමතීම, සමූහ ඡායාරූපය, සහ බලසේනාව තුල ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නවතමයෙන් ස්ථාපනය කරන ලද ජල සැපයුම් මාර්ගය විවෘත කරන ලදී.