Header Sinhala

03rd May 2024 10:58:22 Hours

58 වන පාබල සේනාංකායේ නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කරන ලදි

58 වන පාබල සේනාංකායේ සේනාංකාධිපතිතුමන් වන මේඡර් ඡෙනරාල් එච්ඩිඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මග පෙන්වීම මත කදවුරෙහි ප්‍රධාන පිවිසුම් දොරටුව නවතමයෙන් නිර්මාණය කර ‍2024.04.27 දින සේනාංකාධිපතිතුමාගේ සුරතින් විවෘත කරන ලදි. මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය සේනාංකාධිපතිතුමා ඇතුළු මෙම සේනාංකයට අයත් බලසේනා වල සියළුම බලසේනාධිපති වරුන් අණදෙන නිලධාරිවරුන් සහ මෙම සේනාංකයේ සියළුම මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වන ලදි .