Header Sinhala

03rd May 2024 11:18:43 Hours

58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති නික්ම යාමේ උත්සවය

58 පාබල සේනාංකයේ 19 වන සේනාංකාධිපති ‍මේජර් ජෙනරාල් එච්ඩීඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් නික්ම යැමේ උත්සවය 2024.04.27 වන දින පැවැත්විය. එතුමන්ගේ වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන සේනාංකාධිපති තුමන් විශ්‍රාම යාම සනිටුහන් කිරීම 58 වන පාබල සේනාංකයට ඉමහත් ගෞරවයකි.

58 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති වන බ්‍රිග්‍රේඩියර් ටීඑම්එෆ් කිචිලාන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එදින නික්ම යන සේනාංකාධිපති තුමන් පිළිගත් අතර. එතුමන් හට ප්‍රධාන පිවිසුම අසලදි සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව අති උත්කර්ෂවත් වර්ණ පෙළපාලියක් පිරිනමන ලදි. ඉන් අතුරුව 58 පාබල සේනාංකයෙහි භඨපිරිස් අමතා සියළු නිල තේ පැන් සංග්‍රහය සදහා සේනාංකාධිපති තුමන් සහභාගි වන ලදි.

යුධ හමුදා සම්ප්‍රදායට අනුව එදින සවස නිලධාරි නිවස්නයෙහි පවත්වන ලද භෝජන සංග්‍රහය සදහා නික්ම යන සේනාංකාධිපති තුමන් සහභාගි වු අතර, එම අවස්තාව සදහා නියෝජ්‍ය සේනාංකාධිපති, බළසේනාධිපති වරුන් සහ අණදෙන නිලධාරින් හා 58 වන පාබල සේනාංකයේ සියළුම නිලධාරින් සහභාගි වන ලදි.

සේනාංකාධිපති කඳවුරු භුමියෙන් නික්ම යන අවස්ථාවේදි සියළු නිලධාරි/සෙසුනිලයින් මග දෙපස රැදි සේනාංකාධිපති හට සුභ පැතුම් එක්කරන ලදි.