21st January 2026 10:30:22 Hours
මේජර් ජෙනරාල් ඒඑම්ඒ අබේවර්ධන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් 2025 ජූලි 24 වන දින 581 පාබල බලසේනාවේ සිය මංගල නිල සංචාරය සිදු කළේය. එහිදී පසුකරයාමේ සම්මාන මුරයකින් සේනාංකාධිපති තුමන් වෙත සිය ගෞරවාචාරය පුදතල අතර, කඳවුරු භූමියෙහි පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව, සමූහ ඡායා රූපයකටද පෙනී සිටින ලදී. තවද ඉදිරි කටයුතු පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීමකටද සවන් දුන් සේනාංකාධිපති තුමන් 581 වන පාබල බලසේනාවේ සහ බලඇණිවල භට පිරිස් අමතමින් පිටත්ව යාමට පෙර 581 පාබල බලසේනාව ඉදිකිරීමේ ස්ථානය සහ 5 විජයබාහු පාබල බළඇණි කඳවුරු පරිශ්‍රයද නිරීක්ෂණය කරන ලදී.