Header Sinhala

15th June 2025 20:19:24 Hours

58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති 1 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සංචාරය

58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි භාර ගැනීමෙන් පසු, මේජර් ජෙනරාල් පීකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි 10 වන දින අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථානගත 1 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි සිය මංගල සංචාරය සිදුකරන ලදි.

1 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එම්ඒඑන්සී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් බලඇණි මූලස්ථානයේදී සේනාංකාධිපති උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

ඉන්පසු 58 පාබල සේමු සේනාංකාධිපති විසින් භඨ පිරිස් අමතමින් බලඇණිය තුළ විනය සහ පුහුණුව ඉතා උසස් මට්ටමින් පවත්වා ගැනීමේ ඇති වැදගත්කම සහ ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ ගෞරවය හා කීර්තිය ආරක්‍ෂා කිරිමේ ඇති වැදගත්කම අවධාරණය කරන ලදි.

තවද මෙම සංචාරය සිහිපත් කිරීම සනිටුහන් කරමින් සේනාංකාධිපති විසින් කඳවුරු පරිශ්‍රය තුළ අඹ පැළයක් රෝපණය කරන ලදී.

සේනාංකාධිපතිගේ මෙම සංචාරය සඳහා 583 වන පාබල බලසේනා බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්ඩීඑස්එන් කරුණාරත්න පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු 58 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්විය.