Header Sinhala

16th December 2024 09:36:17 Hours

58 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති බලසේනා සහ ඒකක නිල සංචාරයක

58 වන පාබල සේනාංකයේ නව සේනාංකධිපති වශයෙන් රාජකාරි ආරම්භ කල මේජර් මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් එම ධුරය භාර ගැනිමෙන් අනතුරුව 582 පාබල බලසේනාව වෙත සහ යටතේ පාලනය වන 1 වන බළඇණිය ශ්‍රිලංකා පාබල හමුදාව 21 වන බළඇණීය ශ්‍රිලංකා සංහ රෙජිමේන්තුව හා 1 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත 2024 ඔක්තෝබර් මස 24 වන දින නිළ සංචාරයක නිරත විය.

ප්‍රථමයෙන් 582 පාබල බලසේනා මුලස්ථානයේ කොළඹ කොම්පඤ්ඤ විදියේ ස්ථානගත කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි සේනාංකාධිපති තුමන්ව මෙම පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් වන බ්‍රිග්‍රේඩයර් එම්එල්ඩිඑස් මොල්ලිගොඩ යුඑස්පී පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් උසුම් අයුරින් පිළිලන්නා ලදි. පසුව සේනාංකාධිපති තුමන් කොළඹ පැරුණි තැපැල් කර්යාල ගොඩනැගිල්ලෙහි ස්ථානගත 1 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවෙහි සංදාරයක නිරත විය . එහිදි 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවෙහි අණදෙන නිලධාරි විසින් සේනාංකාධිපති තුමන් ඉතා ගෞරවයෙන් යුතුව පිලිගන්නා ලද අතර, එහිදි එම බළඇණියේ රාජකාරින් පීළිබඳව සේනාංකාධිපති තුමන් දැනුවත් කරන ලදි. ඉන් අනතුරුව සේනාංකාධිපති තුමන් විසින් එම ඒකක භඨපිරිස් ආමන්ත්‍රනය කරනු ලැබිය.

එම සංචාරයෙන් පසු 582 පාබල බලසේනා කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි සේනාංකාධිපති තුමන් පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්, බලසේනා මුලස්ථානයේ රාජකාරියේ නියුතු නිලධාරින් අණදෙන නිලධාරින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ඉන් අනතුරුව සේනාංකාධිපති තුමන් වෙත 21 වන බළඇණිය ශ්‍රිලංකා සංහ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමන ලදි. තවද එත්මන් මෙම සංචාරය සනිටුහන් කරනු වස් කඳවුරු පරිශ්‍රයේ අඹ පැලයක් රොපනය කරන ලද අතර, පසුව 582 පාබල බලසේනාවේ කාර්යය මණ්ඩලය සමඟ සමුහ ඡායාරුපයකට ද පෙනි සිටින ලදි. ඉන් අනතුරුව, 582 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් බලසේනාව වෙත පැවරි ඇති වගකිම් හා රාජකාරින් පිළිබදව සවිස්තරාත්මක දැනුවත් කිරිමක් සිදු කරන ලද අතර, එම අවස්ථාව සදහා 582 පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් ඇතුළු 1 වන බලඇණිය ශ්‍රිලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි හා 21 වන බළඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිද සහභාගිවන ලදි.

ඉන් පසු 1 වන බලඇණිය ශ්‍රිලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් 1 වන බලඇණිය ශ්‍රිලංකා පාබල හමුදාවේ ඒකක අණදෙන නිලධාරි විස්න් උණුසුම් අයුරින් පිළගැනිමෙන් අනතුරුව සේනාංකාධිපති තුමන් විසින් 582 පාබල බලසේනා මුලස්ථානයේ 1 වන බලඇණිය ශ්‍රිලංකා පාබල හමුදාවේ හා 21 වන බළඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් ආමන්ත්‍රනය කිරිමේන් අනතුරුව නිලධාරි නිවස්න භෝජන සංග්‍රහය සඳහා සහභාගි විය.