Header Sinhala

02nd July 2022 22:13:03 Hours

58 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති තුමන් සිය ධුරයේ වැඩභාරගැනිම

58 වන පාබල සේනාංකයේ 18 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්ටීඩබ්ලිව්ජි ඉහලගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.06.03 වන දින පුත්තලම පාබල සේනාංක මුලස්ථානයේදි සුභ මොහොතින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.

ඒ අනුව නව සේනාංකාධිපති තුමන් රාජකාරි ආරම්භ කිරිම සනිටුහන් කිරිම වස් කාර්යාල පරිශ්‍රයේදී අඹ පැලයක් රෝපණය කල අතර, නව සේනාංකාධිපති තුමන් විසින් 58 වන පාබල සේනාංකය යටතේ රාජකාරි කරනු ලබන භටපිරිස් අමතා ඉදිරි රාජකාරි ස්වාභාවය පිළිබඳ පැහැදිලි කිරිමක් සිදු කරන ලදි. පසුව නව සේනාංකාධිපති තුමන් සියළුම නිලයින් සමග තේ පැන් සංග්‍රහයකට සහභාගි විය. මෙම උත්සව අවස්ථාව සඳහා 581 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්, 58 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, කර්නල් (පාලන/භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, ඒකක අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වන ලදි.