Header Sinhala

07th February 2023 21:57:18 Hours

58 වන පාබල සේනාංකයේ කර්නල් (පාලන/භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය ධුරයේ රාජකාරි භාරගැනිම

58 වන පාබල සේනාංකයේ 17 වැනි කර්නල් (පාලන /භකාස) ලෙස කර්නල් ඉන්දික ඒකනායක ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 පෙබරවාරි මස 02 දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදි.

නව කර්නල් (පාලන/භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ආගමික වතාවන් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි භාරගැනීම සනිටුවහන් කරන ලදි. මෙම අවස්ථාවට 58 පාබල සේනාංකයේ නිලධාරින් හා සෙසු නිලයන් පිරිසක්ද සහභාගි වුහ.