Header Sinhala

11th May 2025 09:30:13 Hours

58 වන පාබල සේනාංකයේ 22 වන සේනාංකාධිපති වැඩ ආරම්භ කරයි

58 වන පාබල සේනාංක මූලස්ථානයේ 22 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් පීකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඵස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025.04.18 වන දින ආගමික වතාවත් සිදුකරමින් යුද්ධ හමුදා සම්ප්‍රදායට අනුව සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදී.

නව සේනාංකාධිපති තුමන් මෙම පාබල සේමූ නියෝජ්‍ය සේනාංකාධිපති තුමන් වන බ්‍රිග්‍රේඩියර් කේඑම්සීඑස් කුමාරසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් විසින් සාදරයෙන් පිළිගත් අතර, 21 ශ්‍රිලංසිරෙ භඨපිරිස් විසින් කඳවුරු මුරය සහ 1 ශ්‍රීලංසිරෙ භඨපිරිස් විසින් සම්මාන මුරය පිළිගන්වන ලදී.

ඉන් අනතුරුව සංඝයා වහන්සේලාගේ පිරිත් සඡ්ඡායනය අතරතුර නව සේනාංකාධිපති තුමන් සිය අත්සන තබමින් නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී. ඉන් පසුව නව සේනාංකාධිපති විසින් සියළු නිලයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, 58 වන පාබල සේනාංක කඳවුරු භූමිය තුල අඹ පැලයක් රෝපණය කර එතුමන් සේනාංක දේශණ ශාලාවේදී භඨපිරිස් ආමන්ත්‍රනය කරන ලදී. ඉන්පසු සියලු නිල තේ පැන් සංග්‍රයට සහභාගී වූ එතුමන් අවසාන වශයෙන් සම්මන්ත්‍රණ ශාලාවේදී නිලධාරීන් සමඟ රාජකාරී ස්වභාවය පිළිබඳව සාකච්ඡාවක් පවත්වන ලදී.

එම අවස්ථාවට මෙම පාබල සේමූ යටතේ පාලනය වන පාබල බසේමූ බළසේනාධිපතිවරුන් හා ඒකක අණදෙන නිලධාරීන් සහ සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වන ලදී.