Header Sinhala

07th September 2023 12:34:06 Hours

58 වන පාබල සේනාංකයේ 19 වන සේනාංකාධිපති රාජකාරී භාරගැනීම

මේජර් ජෙනරාල් එච්ඩීඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2023.09.04 වන දින සුභ මොහොතින් 58 පාබල සේනාංක මුලස්ථානයෙහි 19 වන සේනාංකාධිපති වශයෙන් රාජකාරී භාරගන්නා ලදී. එම අවස්ථාව සදහා මෙම පාබල සේමු යටතේ ඇති පාබල බලසේනා මුලස්ථානයන්හි බලසේනාධිපතිවරුන්, කර්නල් ප්‍රමානි, කර්නල් (පාලන/භකාස), මෙම පාබල සේමු වෙත අයත් පාබල ඒකකයන්හි අණදෙන නිලධාරීන්, 58 පාබල සේමුහි සියළු නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වන ලදී. ඉන් පසු සේනාංකාධිපතිතුමන් සමූහ ඡායාරූපය සදහා සහභාගීවීමෙන් පසු පැලයක් රෝපනය කර සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතීම සිදුකරන ලදී.