16th December 2024 09:39:56 Hours
58 වන පාබල සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ඡ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 581 පාබල බලසේනාව සහ 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත 2024 ඔක්තෝම්බර් 25 වන දින සිය නිල සංචාරය සිදු කරන ලදී. 581 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 5 විඡයබාහු පාබල රෙඡිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් සේනාංකාධිපතිතුමන් පිළිගනු ලැබීය. බලඇණි පිළිබද විස්තරය සහ සමූහ ඡායාරූපයට පෙනී සිටීමෙන් පසු සේනාංකාධිපතිතුමා කඳවුරු චාරිකාවක නිරත විය. අනතුරුව සියළු භට පිරිස් ඇමතූ සේනාංකාධිපතිතුමා නිලධාරි නිවස්නයේ පැවති පැවති රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසුව සංචාරය අවසන් කරන ලදි.