Header Sinhala

13th May 2024 11:09:07 Hours

58 වන පාබල සේනාංක (ආර්එස්එෆ්) මුලස්ථානයේ 20 වන සේනාංකාධිපති වැඩ භාර ගැනීම

මේජර් ජෙනරාල් සීඒ රාජපක්ෂ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2024 මැයි මස 11 වන දින ආගමික වතාවත් සිදු කරමින් යුද්ධ හමුදා සාම්ප්‍රදායට අනුව සුභ මොහොතින් 58 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) 20 වන සේනාංකාධිපති වශයෙන් රාජකාරී භාරගන්නා ලදී.

නව සේනාංකාධිපති තුමන් මෙම පාබල සේමු නියෝජ්‍ය සේනාංකාධිපති තුමන් වන බ්‍රිග්‍රේඩියර් ටිඑම්එෆ් කිචිලාන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, සියළුම මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයින් විසින් සාදරයෙන් පිළිගත් අතර, 1 වන ගැමුණු හේවා බළකායේ භඨපිරිස් විසින් කදවුරු මුරය සහ සම්මාන මුරය පිළිගන්වන ලදි.

ඉන් අනතුරුව සංඝයා වහන්සේලාගේ පිරිත් දේශණය අතරතුර නව සේනාංකාධිපති තුමන් සිය අත්සන තබමින් නිළ වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදි.

අනතුරුව නව සේනාංකාධිපති විසින් සියළුම නිලයින් ඇමතිම සිදුකර 58 වන පාබල සේනාංක (ආර්එස්එෆ්) කදවුරු භුමිය තුල අඔ පැළයක්ද රෝපණය කිරීමෙන් අනතුරුව සියළු නිළ තේ පැන් සංග්‍රහය සදහා සහභාගි වන ලදි.

මෙම අවස්ථාව සදහා මෙම පාබල සේමු යටතේ ඇති පාබල බලසේනා මුලස්ථානයන්හි බලසේනාධිපතිවරුන්, හා 58 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) මාණ්ඩලික නිලධාරින්/නිලධාරින් හා සියළු සෙසුනිලයින් සහභාගී විය

.