Header Sinhala

08th June 2025 18:30:12 Hours

58 පාබල සේමු සේනාංකාධිපති තුමන්ගේ නිල සංචාරය - 583 පාබල බසේමු

58 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බීඩබ්ලිව් පල්ලේ කුඹුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයු පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2025.05.16 වන දින 583 පාබල බලසේනා මුලස්ථානයේ කඳවුරු සංචාරය සඳහා පැමිණි අතර, එතුමන් හට චාරිත්‍රානුකූලව කඳවුරු මුරය පසුකර යෑමෙන් අනතුරුව සේනාංකාධිපති තුමන්, බලසේනාධිපති ඇතුළු නිලධාරීවරුන් අතර සාකච්ඡාවක් පවත්වා බලසේනාවේ රාජකාරි ස්වභාවය සේනාංකාධිපති තුමන් වෙත ඉදිරිපත් කරන ලදී. ඉන් පසු සේනාංකාධිපති තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ සෙසුනිලයින් සමූහ ඡායාරූපයක් ලබාගැනිමට කටයුතු කරන ලදි. ඉන් අනතුරුව සේනාංකාධිපති තුමා විසින් භඨ පිරිස් ඇමතීම සිදු කිරීමෙන් පසු සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගි විය. පසුව සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සමගින් නිලධාරි නිවස්නයේ සුදානම් කර තිබු දිවා භෝජන සංග්‍රහයට සහභාගිවිමෙන් අනතුරුව අමුත්තන්ගේ සටහන් පො‍තෙහි සටහන් තබා මෙම පාබල බලසේනා මුලස්ථානයෙන් පලමු කදවුරු සංචාරය සනිටුවන් කරමින් නික්ම යන ලදි.