08th June 2025 18:27:28 Hours
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් නවතමයෙන් රාජකාරි භාරගන්නාලද මේජර් ජෙනරාල් පීකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025.05.02 වන දින 582 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරත විය.
582 පාබල බලසේනා මුලස්ථාන කදවුරු පරිශ්‍රය වෙත සපැමිනි සේනාංකාධිපති තුමන්ව මෙම පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිග්‍රේඩියර් එල්ඩි පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් බලසේනා මුලස්ථානයේ රාජකාරි නියුතු නිලධාරින් ඒකක අණදෙන නිලධාරින් ඉතා උණුසම් අයුරින් පිලිගන්නා ලදි.ඉන් අනතුරුව සේනාංකාධිපතිතුමන් වෙත 21 වන බලඇණීය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් අර්ධ සම්මාන මුරයක් පරිනමන ලදි. තවද එතුමන්ගේ සංචාරය සනිටුහන් කරනු වස් කදවුරු පරිශ්‍රයේ අඹ පැලයක් රෝපනය කරන ලද අතර පසුව 582 පාබල බලසේනාවේ කර්යය මණ්ඩලය සහ ඒකක අණදෙන නිලධාරින් සමග සමුහ ඡායාරූපයකට ද පෙනි සිටින ලදි. ඉන් අනතුරුව 582 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් බලසේනාව වෙත පැවරි ඇති වගකිම් රාජකාරි හා කර්ය භාර්යන් පිළිබදව සවිස්තරත්මක දැනුවත් කිරිමක් සිදු කරන ලද අතර එම අවස්ථාව සදහා 582 පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් ඇතුළු 1 වන බලඇණිය ශ්‍රිලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි 21 වන බලඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ 5 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිද සහභාගී වන ලදි.
ඉන් පසු සේනාංකාධිපතිතුමන් විසින් 582 පාබල බලසේනා මුලස්ථානයේ 1 වන බලඇණිය ශ්‍රිලංකා පාබල හමුදාවේ හා 21 වන බලඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් ආමන්ත්‍රනය සිදු කරන ලද අතර ඉන් අනතුරුව නිලධාරි නිවස්නයේ දිවා භොජන සංග්‍රහය සදහා සහ භාගි විය.