Header Sinhala

08th February 2025 16:56:33 Hours

58 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ බලසේනා සහ බලඇණි නිල සංචාරය

58 වන පාබල සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජනවාරි මස 20 වන දින 582 පාබල බලසේනා උපක්‍රමික මුලය වෙත සහ ක්‍රියාන්විත රාජකාරි සඳහා 582 පාබල සේනාවට අනුයුක්ත කර ඇති 5 වන ගැමුණු‍‍ හේවා බලඇණිය වෙත නිල සංචාරයක නිරත විය.

ප්‍රථමයෙන් පැරණි යුද්ධ හමුදා ගොඩනැගිල්ල, කොළඹ ස්ථානගත 582 පාබල බලසේනා මුලස්ථානයේ උපක්‍රමික මුලයට සපැමිණි, එතුමන් 582 පාබල බලසේනාවේ බලසේනාධිපති වන බ්‍රිග්‍රේඩියර් එම්එල්ඩිඑස් මොල්ලිගොඩ යුඑස්පි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ගෞරවයෙන් යුතුව පිලිගන්නා ලදි.පසුව සේනාංකාධිපති තුමන් කොළඹ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලෙහි ස්ථානගත 5 වන ගැමුණු හේවා බලඇණියෙහි සංචාරයක නිරත විය. එහිදි 5 වන ගැමුණු හේවා බලඇණියෙහි අණදෙන නිලධාරි විසින් සේනාංකාධිපති තුමන් ගෞරවයෙන් යුතුව පිලිගන්නා ලද අතර එහිදි 5 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි විසින් එම බළඇණියේ රාජකාරින් පිළිබද සේනාංකාධිපති තුමන් දැනුවත් කරන ලදි. ඉන් අනතුරුව සේනාංකාධිපති තුමන් විසින් එම ඒකක භඨපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබිය.අවසාන වශයෙන් සේනාංකාධිපති තුමන් එම බළඇණියේ සියලු නිලයින් සමග තේ පැන් සංග්‍රහයකටද සහභාගි විය.