Header Sinhala

26th October 2023 10:21:07 Hours

58 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් උසස් පාබල පුහුණු පාසල - කටුකැලියාව කඳවුරෙහි සංචාරය කරයි

මෙම පාබල සේනාංකයේ 19 වන සේනාංකාධිපති වන මේජර් ජෙනරාල් එච්ඩීඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී නව සේනාංකාධිපති වශයෙන් වැඩ භාරගැනීමෙන් අනතුරුව 2023.10.06 වන දින මෙම පාබල සේමූ යටතේ පාලනය වන උසස් පාබල පුහුණු පාසල - කටුකැලියාව කඳවුරෙහි සංචාරයක නිරතවන ලදී. එහිදී සේනාංකාධිපතිතුමන් හට ඉතා උසස් මට්ටමින් කදවුරු සම්මාන මුරයක් (Drive pass) පිරනැමූ අතර, පුහුණු පාසලෙහි ප්‍රධාන උපදේශක වශයෙන් රාජකාරී කරනු ලබන ලුතිතන් කර්නල් කේඑන්පී කළුබෝවිල විපාරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් සේනාංකාධිපතිතුමන් හා පැමිණි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උසස් පාබල පුහුණු පාසල වෙත සාදරයෙන් පිළිගන්නා ලදී. එම සංචාරයේදී සේනාංකාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් සියළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඉදිරි පුහුණුවීම් සබැඳිව සාකච්ඡා කරන ලදී. ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරී/නිලධාරීන් හා රාජකාරි නියුතු භඨපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව උසස් පාබල පුහුණු පාසලෙහි සියළු නිලධාරීන්ගේ හා සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් සියළු නිල තේ පැන් සංග්‍රහයක් සදහා සේනාංකාධිපතිතුමන් සහභාගී විය.