Header Sinhala

24th October 2023 12:50:16 Hours

58 පාබල සේනාංකයේ සේනාංකාධිපති 583 පාබල බලසේනාවේ වෙත සංචාරය

58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩීඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023 සැප්තැම්බර් 18 වන දින 583 පාබල බලසේනාව වෙත සිය මංගල සංචාරය සිදු කරන ලදී. ඒ අනුව 583 බලසේනාධිපතිගේ උණුසුම් පිළිගැනීම මධ්‍යයේ සපැමිණි සේනාංකාධිපති විසින් පැලයක් රෝපණය කිරීමෙන් පසු සමූහ ජායාරූපයකට පෙනී සිටින ලදී. එම අවස්ථාව සඳහා 583 බලසේනාධිපති ඇතුලු ඒකක අණදෙන නිලධාරීන් සහභාගී වන ලදි.

සංචාරයේ වැදගත්කම සනිටුහන් කිරීම සඳහා පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, මෙම අවස්ථාවට 583 පාබල බලසේනාවේ බලසේනාධිපති 1 ශ්‍රි ලංසිරෙ අණදෙන නිලධාරී සහ 6 විපාරෙ අණදෙන නිලධාරී විසින් බලඇණිවල වගකීම් සහ වර්තමාන තත්වයන් යටතේ මුහුණ දෙන අභියෝග පිලිබදව මනා සම්බන්ධීකරණයකින් යුතුව කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් සවිස්තරාත්මක විස්තරයක් සිදුකරන ලදී.

බලසේනාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම හා ඵලදායි සන්නිවේදනයේ වැදගත්කම අවබෝධ කරගත් සේනාංකාධිපති පසුව භට පිරිස් අමතමින් ඔවුන් අතර මනා සහයෝගීතාවයෙන් යුතුව උසස් විනයක් පවත්වා ගැනීම සහ අභිප්‍රේරණය පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳව වැඩිදුටත් අවධාරණය කරන ලදී.