08th June 2025 17:19:55 Hours
මේජර් ජෙනරාල් පිකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බීඩබ්ලිව්පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2025 මැයි 03 වන දින 581 පාබල බලසේනා මූලස්ථානයේ සිය මංගල නිල සංචාරය සිදුකරයි.
රධාන දොරටුව වෙත සපැමිණි සේනාංකාධිපති වෙත 581 පාබල බළසේනාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරයාමේ ගෞරවාචාරය පුද කිරීමෙන් අනතුරුව, 581 පාබල බළසේනාවේ බළසේනාධිපති විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගෙන මූලස්ථානයන්හී යෙදවීම, ක්‍රියාන්විත භූමිකාවන් සහ සිය බලප්‍රදේශයේ දෛනික රාජකාරීන් පිළිබඳව සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදි.
මෙම සංචාරය අතරතුර දී සේනාංකාධිපතිතුමන් භටපිරිස් අමතමින් ඔවුන්ගේ අනාගත උත්සාහයන් සඳහා එතුමන්ගේ දැක්ම, අදහස් සහ දිරිගැන්වීම් සිදු කළ අතර, විනය, කැපවීම සහ නිසි අයුරින් රාජකාරි සිදුකිරීමේ වැදගත්කම අවධාරණය කළේය.