Header Sinhala

03rd May 2024 11:47:33 Hours

58 පාබල සේනාංකයේ සියළු නිලයින් සඳහා නවතමයෙන් ඉදිකරන ලද ඇඳුම් ආයිත්තම් මධ්‍යස්ථානයක්, පිට්ස්ටොප් හා පේස්ට්‍රි අවන්හලක් සහ වායු රයිෆල් වෙඩි පිටියක් විවෘත කරන ලදී

58 වන පාබල සේනාංකායේ සේනාංකාධිපතිතුමා වන මේඡර් ඡෙනරාල් එච්ඩීඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මග පෙන්වීම මත 58 වන පාබල සේනාංකයේ නිලධාරි/සෙසු නිලයන් හට වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා සැරහුම් මධ්‍යස්ථානයක්, පිට්ස්ටෝප් අවන්හලක් සඳහා නව අංගයක් සහ වායු රයිෆල් වෙඩිපිටියක් 58 පාබල සේනාංක පරිශ්‍රයේදී විවෘත කරන ලදි. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය සේනාංකාධිපති ඇතුළු සියළුම නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වන ලදි.