Header Sinhala

26th October 2023 11:19:29 Hours

58 පාබල සේනාංකයේ භඨපිරිස් විසින් වැඩිහිටි නිවාසට දානයක් පිරිනමයි

අභිමානවත් වූ 74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 58 පාබල සේනංකයේ සේනාංකාධිපති වන මේජර් ජෙනරාල් එච්ඩීඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ මග පෙන්වීම හා අධීක්ෂණය මත අනෙකුත් නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ සහයෝගය ඇතිව පුත්තලම නිර්මල මාතා වැඩිහිටි නිවාසයෙහි වැඩිහිටියන් 14 දෙනෙකු සඳහා දිවා ආහාරය හා කැලිප්සෝ සංගීත සාදයක් පවත්වා ඔවුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙන ලදී.