Header Sinhala

11th March 2024 13:12:34 Hours

58 පාබල සේනාංකයේ නව කර්නල් සම්බන්ධීකරණ රාජකාරි අරඹයි.

58 වන පාබල සේනාංකයේ නව කර්නල් සම්බන්ධීකරණ ලෙස කර්නල් එස්එම්ඒඩිඑස්පීඩබ්ලිව් ජයසේකර ආර්එස්පී, 2024 මාර්තු මස 04 දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදි.

කර්නල් සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ආගමික වතාවන් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි භාරගැනීම සනිටුවහන් කරන ලදි. මෙම අවස්ථාවට 58 පාබල සේනාංකයේ නිලධාරින් හා සෙසු නිලයන් පිරිසක්ද සහභාගි වුහ.