Header Sinhala

15th October 2023 09:53:20 Hours

58 පාබල සේනාංකයේ 19 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබිලිව්පී ආරිඑස්පී ජ්‍යෙෂ්ට නිලධාරි 582 බසේමු හා යටතේ පාලනය වන ඒකකයන්හි ප්‍රථම නිල සංචාරය

58 පාබල සේනාංකයේ 19 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබිලිව්පී ආරිඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 582 බසේමු හා යටතේ පාලනය වන 1 ශ්‍රිලපාහ, 9 ගැහේබ ඒකකයන්හි සිදු කරන ලද ප්‍රථම නිල සංචාරය 2023 ඔක්තෝබර් මස 03 හා 04 වන දින සිදු කරන ලදි. ඒ අනුව 582 බසේමු බලසේනාධිපතිගේ උණුසුම් පිළිගැනීම මධයයේ සපැමිණි සේනාංකාධිපති හට 1 වන බලඇණි ශ්‍රිලංකා පාබල හමුදා භඨ පිරිස් විසින් කඳවුරු මුරයක් පිරි නමන ලදි. අනතුරුව එතුමන් විසින් නා පැලයක් රෝපණය කිරීමෙන් පසු සමූහ ජායාරූපයකට පෙනී සිටින ලදි. එම අවස්ථාව සදහා 582 බලසේනාධිපති තුමා ඇතුලු ඒකක අණදෙන නිලධාරීන් වරුන් මෙම අවස්ථාව සදහා සහභාගි වන ලදි.