Header Sinhala

10th January 2024 09:58:24 Hours

58 පාබල සේනාංකයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 65 ක් වෙනුවෙන් විදුලි කෝෂ පරිත්‍යාගයක්

58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩීඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස්මත "අඳුරෙන් එළියට" යන තේමාව යටතේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විදුලි කෝෂ පරිත්‍යාග වැඩසටහනක් පුත්තලම සින්නවිල්ලුවත්ත ප්‍රදේශයේ වෙසෙන පවුල් 65ක් වෙනුවෙන් 2023 දෙසැම්බර් මස 29 දින පැවැත්විය. මෙම වැඩසටහන මගින් විදුලිය නොමැති නිවාස හිමි අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් සිටින පවුල් වෙනුවෙන් ප්‍රමුඛත්වයක් මත ලබා දී ඇත.

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන් පිරිසක් මෙම වැඩසටහන සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දී ඇත. පරිත්‍යාගශීලීන් නියෝජනය කරමින් පරාක්‍රම ගිරියාගම මහතා සහ මේජර් අරුණ පෙරේරා (විශ්‍රාමික) මෙම වැඩ සටහනට සහභාගී විය.