Header Sinhala

08th June 2025 15:58:18 Hours

58 පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද සව් දන්සල

58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ඡේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව, 58 පාබල සේනාංක මුලස්ථානයේ සියළු ඡ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරි, සෙසු නිල සහ සිවිල් සේවක මහතුන්ගේ දායකත්වයෙන් 2024.05.12 දින වෙසක් පුර පසලොස්වක පොහොය දිනට සමගාමීව 58 පාබල සේනාංකය ඉදිරිපිටදී පස්වරු 1730 පැයට නියෝඡ්‍ය සේනාංකාධිපති තුමාගේ සුරතින් සව් දන්සල ආරම්භ කර පස්වරු 2230 පැය දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන ලද අතර වන්දනාකරුවන් 10000කට අධික ප්‍රමාණයක් දන්සල සදහා සහභාගී වන ලදි. තවද, එදිනම මෙම පාබල සේනාංක මුලස්ථානය විසින් නිර්මාණය කරන ලද වෙසක් කූඩු ප්‍රදර්ශනය පස්වරු 1845 පැයට නියෝඡ්‍ය සේනාංකාධිපති තුමාගේ සුරතින් විවෘත කර ඡනතා ප්‍රදර්ශනයට පත් කරන ලදි.