Header Sinhala

18th December 2022 22:39:28 Hours

58 පාබල සේනාංකය පුත්තලමේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක ඇසුරුම් පරිත්‍යාග කරයි

58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල ඉහලගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත 58 පාබල සේනාංක මූලස්ථානයේදී, පුත්තලම ප්‍රදේශයේ අසරණ පවුල් 20ක් සඳහා රුපියල් 5000.00 බැගින් වටිනා වියළි සලාක මල්ලක් 2022 නොවැම්බර් 04 වැනි දින බෙදා දෙන ලදී. මෙම උත්සවය 58 පාබල සේනාංකයේ භට පිරිස් විසින් සංවිධානය කරන ලද අතර, නෝර්වේ හි පදිංචි සේනාංකාධිපතිතුමාගේ සමීපතමයෙකු විසින් මෙම පරිත්‍යාගය සඳහා අරමුදල් සපයන ලදී. උත්සවය අතරතුර දිවා ආහාරය ඇතුළු සියලුම සහභාගිවන්නන් සඳහා ආහාරපාන ලබා දෙන ලදී.