Header Sinhala

10th June 2022 00:17:42 Hours

58 වන පාබල සේනාංයේ භට පිරිස් විසින් පුත්තලම දිස්ත්‍රිකයේ අඩු අදායම්ලාභී පවුල් සදහා සලාක පාර්සල් බෙදාදීම

58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් ගේ අධීක්‍ෂණය යටතේ පුත්තලම දිස්ත්‍රිකයේ තබ්බෝව සහ නෙළුම්වැව ග්‍රාම නිළධාරි කොට්ඨාශයන්හි අඩු අදායම්ලාභී පවුල් 40 ක් සදහා ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ දැමීමේ අරමුණින් වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩ සටහනක් 2022.04.24 වන දින සිදු කරන ලදී.

තවද මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලෙස්නාවේ කර්නල් පාලන/භකාස මූලස්ථානයේ කර්නල් එන් මහවිතාන KSP ගේ සම්බන්ධීකරණයෙන් Industrial Safety Equipment Company (pvt) Ltd හි අධ්‍යක්‍ෂිකා දීපිකා ගුණසේකර මහත්මිය මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.