17th July 2025 14:52:47 Hours
58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් නවතමයෙන් රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරාල් ඒඑම්ඒ අබේවර්ධන ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2025.07.04 වන දින 582 පාබල බලසේනාව 1 ශ්‍රිලපාහ සහ 21 ශ්‍රිලංසිරෙ ඒකකයන්හි සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදි.
ප්‍රථමයෙන් 1 වන බලඇණිය ශ්‍රිලංකා පාබල හමුදා ඒකකයේ බී කණ්ඩායම ස්ථානගතව ආරක්ෂක රාජකාරි කරනු ලබන අදරදගුරු නිලනිවසෙහි සංචාරය කර කරන ලදී.
එම සංචාරයෙන් අනතුරුව 582 පාබල බලසේනා මුලස්ථාන කඳවුරු පරිශ්‍රය ත සපැමිණි සේනාංකාධිපති තුමන්ව මෙම පාබල බලසේනාවේ බෙලසේනාධිපති බ්‍රිගේඩියර් එල්ඩි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් බලසේනා මුලස්ථානයේ රාජකාරියේ නියුතු නිලධාරින් ඒකක අණදෙන නිලධාරින් ඉතා උණුසුමි අයුරින් පිලිගන්නා ලදි ඉන් අනතුරුව සේනාංකාධිපති තුමන් වෙත 21 වන බළඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් අර්ධ සමිමාන මුරයක් පිරිනමන ෙලදී 582 පාලෙ ලෙසේනාවේ බෙලසේනාධිපති විසින් බලසේනාව වෙත පැවරී ඇති වගකීමි රාජකාරීන් හා කාර්යබාර්යන් පිළිබඳ සවිස්ථරාත්මක දැනුවත් කිරිමක් සිදු කරන ලද අතර එම අවස්ථාව සඳහා 582 පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් ඇතුලු 1 වන බලඇණිය ශ්‍රිලං කා පාබල හමුදාවේ අණදෙන නිලධාරි හා 21 වන බළඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහභාගිවන ලදී එම දැනුවත් කිරීමෙන් අනතුරුව 21 වන බළඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි විසින් ඒකකය වෙත පැවරී ඇති වගකීමි රාජකාරීන් හා කාර්ය භාර්යයන් පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරිමක් සිදු කරන ලදී ඉන් අනතුරුව 582 පාබල බලසේනා මුලස්ථානයේ හා 21 වන බළඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවෙහි භඨපිරිස් ආමන්ත්‍රණය සිදු කරලදි.
පසුව 582 පාබල බලසේනාවේ කාර්යය මණ්ඩෙලය සහ ඒකක අණදෙන නිලධාරින් සමග සමුහ ජායාරූපයකට ද පෙනී සිටින ලද එතුමන් මෙම සංචාරය සනිටුහන් කරනු වස් කඳවුරු පරිශ්‍රයේ අඹ ලයක් රෝපණය කරන ලදී ඉන් පසු සේනාංකාධිපතිතුමන් විසින් නිලධාරී නිවස්න දිවා භෝජන සංග්‍රහය සඳහා සහභගී විය.