Header Sinhala

03rd September 2022 11:33:06 Hours

532 වන බලසේනාවේ භටපිරිස් විසින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත වියළි සලාක මළු පරිත්‍යාග කරයි

1 වන බලකායේ යටතේ ස්ථාපිත 53 වන සේනාංකයට අයත් 532 බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් සඳුන්පුර, මාවනගම, හේනානිගල, බඹරවාන සහ පුස්සලවින්න යන ප්‍රදේශයන්හි විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 35 ක් අතර වියළි සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් 2022 අගෝස්තු 21 දින ක්‍රියාත්මක කරන ලදී.

532 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ‘යුතුකම’ පුණ්‍යායතනයේ සහ තවත් පරිත්‍යාගශීලීන් පිරිසකගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ලබාදුන් එම වියලි සලාක පාර්සල් විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් අතරේ බෙදා දෙන ලදී. සහල්,පරිප්පු, ළුණු,සිනි,බිස්කට් ආදිය සමන්විත එක් වියලි පාර්සලයක වටිනාකම රුපියල් 10000.00 ක් පමණ විය.

මෙම වැඩසටහන සඳහා කර්නල් සුමල් වික්‍රමසේකර, 532 වන පාබල බලසේනාවේ බලසේනාධිපති,ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පරිත්‍යාගශීලීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.