Header Sinhala

07th February 2023 21:26:37 Hours

532 වන පාබල බළසේනාවේ (ආර්එස්එෆ්) නව බලකාධිපති තුමන් සිය ධුරයේ රාජකාරි භාර ගැනීම

532 වන පාබල බළසේනාවේ (ආර්එස්එෆ්) 14 වන බලකාධිපති ලෙස බ්‍රිගේඩියර් ජීඩීඑස්එම් අල්විස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 ජනවාරි 13 වන දින 532 පාබල බළසේනා (ආර්එස්එෆ්) මුලස්ථානයේදී සුභ මොහොතින් සිය ධුරයේ රාජකාරි භාරගත් අතර, යුද්ධ හමුදා සම්ප්‍රදාකූලව 532 වන පාබල බළසේනාධිපති තුමන් හට 19 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

අනතුරුව මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි භාරගැනීම සනිටුවහන් කරන ලදි. වැඩ භාරගැනීමෙන් අනතුරුව භටපිරිස් අමතමින් තම ඉදිරි දැක්ම පැහැදිලි කරනු ලැබීය.