Header Sinhala

11th March 2024 13:17:46 Hours

532 වන පාබල බලසේනාවේ 14 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

1 බලකාය යටතේ ස්ථාපිත 53 වන පාබල සේනාංකයට අයත් 532 වන පාබල බලසේනාවේ 14 වන සංවත්සර දිනය නිමිතිකරගනිමින් එම බලසේනාවේ භටපිරිස් ආගමික වතාවත් සඳහා මුල්තැනක් ලබාදෙමින් හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය. මෙම සැමරුම් උත්සවය 532 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සීපී වික්‍රමරත්න ආර්එස්පී යුඑස්පී මඟපෙන්වීම මත සඳුන්පුර ප්‍රදේශයේ ස්ථාපිත එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි.

2024 මාර්තු මස 04 දින පැවති සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් 532 වන පාබල බලසේනා මූලස්ථානය වෙත සපැමිණි එම බලසේනාවේ බලසේනාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කර්නල් සීපී වික්‍රමරත්න ආර්එස්පී යුඑස්පී බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ එතුමන් බලසේනා මූලස්ථාන කාර්යය මණ්ඩලය සහ භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරතවිය.

සංවත්සර දින එම බලසේනාවේ සේවයේ නියුතු භටපිරිස් විසින් ‘බෝධි පූජා’ පිංකමක් පැවැත්වූහ.