Header Sinhala

18th December 2022 12:17:55 Hours

532 පාබල බලසේනාවේ භඨපිරිස් විසින් අත්‍යවශ්‍ය පාසල් උපාංග බෙදා දීම සහ රෝද පුටු පරිත්‍යාග කිරිම

73 වන යුද්ධ හමුදා දින වැඩසටහනට සමගාමීව 2022 ඔක්තෝම්බර් 10 වන දින සඳුන්පුර, මාවනගම, පුස්සැලවින්න ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 80 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය පාසල් උපාංග බෙදාදීම සඳහා 532 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමා සහ සියළුම භට පිරිස් විසින් සහාය දක්වන ලදී. එදින පුස්සැලවින්න ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකගේ ආබාධිත මවක් සදහා රෝදපුටු පරිත්‍යාගයක්ද සිදුකරන ලදි.

532 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් කරන ලද ඉල්ලීමකට අනුව “යුතුකම” පුණ්‍යායතනය විසින් බෙදාහැරීමේ වැඩසටහන සඳහා අනුග්‍රහය ලබා දෙන ලදී. 532 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමල් වික්‍රමසේකර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහ දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඇතුළු සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.