Header Sinhala

10th January 2024 10:10:23 Hours

532 පාබල බලසේනාවේ (ආර්එස්එෆ්) නව බළසේනාධිපතිතුමන් සිය ධූරයේ රාජකාරී භාර ගැනිම

532 පාබල බලසේනාවේ (ආර්එස්එෆ්) 14 වන බලකාධිපති ලෙස කර්නල් සීපී වික්‍රමරත්න ආර්එස්පී යූඑස්පී 2024 ජනවාරි මස 1 වන දින 532 පාබල බලසේනා (ආර්එස්එෆ්) මූලස්ථානයේදී සුභ මොහොතින් සිය ධූරයේ රාජකාරී භාරගත් අතර, යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 532 වන පාබල බලසේනාධිපති තුමන් හට 19 වන ග්‍රී ලංකා පාලබ රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

අනතුරුව මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරී භාරගැනීම සනිටුහන් කරන ලදී. වැඩ භාරගැනීමෙන් අනතුරුව භටපිරිස් අමතමින් තම ඉදිරි දැක්ම පිලිබඳවද පැහැදිලි කරනු ලැබීය.