Header Sinhala

26th October 2023 10:58:13 Hours

532 පාබල බලසේනා මූලස්ථානයෙහි බලසේනාධිපති 19 ශ්‍රීලපාහ ඒකකය වෙත සංචාරය කරයි

532 පාබල බලසේනා මූලස්ථානයෙහි බලසේනාධිපති වශයෙන් රාජකාරි සිදු කරනු ලබන බ්‍රිගේඩියර් ජීඩීඑස්එම් අල්විස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023.10.06 වන දින මෙම ඒකකයෙහි සංචාරය සිදු කරන ලද අතර, අණදෙන නිලධාරී බීඒකේඅයිකේ බෝගොඩ ආර්ඩබ්ලිව්පී යූඑස්පී ශ්‍රීලපාහ විසින් බලසේනාධිපති ගෞරවයෙන් පිළිගන්නා ලදී. ඒකකය වෙත සපැමිණි බළසේනාධිපතිහට 19 ශ්‍රීලපාහ ඒකකයෙහි භඨපිරිස් විසින් හමුදා සාම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් පසු බළසේනාධිපති විසින් ඒකක භූමියේ පැළයක් රෝපණය කල අතර, සියළුම භඨ පිරිස් අමතා ආදර්ශමත් දේශණයක් පවත්වන ලදී. බළසේනාධිපති විසින් කඳවුරු සංචාරය සිදු කිරීමෙන් අනතුරුව මෙම සංචාරය සනිටුහන් කිරීම වස් සමරු පොතෙහි සටහනක් තබමින් බලසේනාධිපති විසින් ඒකක සංචාරය නිම කරන ලදී.