Header Sinhala

17th December 2024 16:53:41 Hours

53 සේනාංකය විසින් සංවිධානය කල “සේනාංකාධිපති අභියෝගතා කුසලානය ” ශුරතාවය 3 වන ගජබා රෙජිමේන්තුව විසින් දිනාගනි

අභිමානවත් 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වන මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්‍රමරත්න ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ සංකල්පයකට අනුව මෙම පාබල සේනාංකය හා යටතේ රාජකාරි කරනු ලබන පාබල බළසේනා මුලස්ථාන හා ඒකක භඨපිරිස්ගේ සුහදත්වය හා එකමුතුකම වර්ධනය කරගැනිමේ අරමුණ පෙරදැරි කරගෙන මෙම පාබල සේමු නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන්ගේ මග පෙන්විම යටතේ 2024.12.12 වන දින සිට 2024.12.15 වන දින දක්වා “සේනාංකාධිපති අභියෝගතා කුසලාන ” අත්පන්දු තරගාවලියක් සංවිධානය කර මෙම පාබල සේමු ක්‍රිඩා භූමියේදි පවත්වන ලදී.

ඒ අනුව මෙම අත්පන්දු තරගාවලියේ අවසන් මහා තරගය 2024.12.15 වන දින 3 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම හා 6 වන ශ්‍රිලංකා පාබල හමුදා කණ්ඩයම අතර මෙම පාබල සේමු සේනාංකාධිපතිතුමන් හා නියෝජ්‍ය සේනාංකාධිපති , බලසේනාධිපතිවරුන් ,ඒකක අණදෙන නිළධාරින් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා අනෙකුත් සියළුම සෙසු නිළයින්ගේ සහභාගිත්වයෙන් යුතුව පැවති අතර, එහිදි කණ්ඩායම් 16 ක් අතුරින් සියළුම අයවළුන් පරදා 3 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම “සේනාංකාධිපති අභියෝගතා කුසලානය ”දිනාගත් අතර එහිදි 6 වන ශ්‍රිලංකා පාබල හමුදා කණ්ඩායම අනුශුරයන් විය.

එහිදි දක්ෂතම ප්‍රහාරකයා ලෙස 6 වන ශ්‍රිලංකා පාබල හමුදා කණ්ඩායමේ සෙ/332131 ලාකෝ ජයසුන්දර ජේඒඑන්,දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස 3 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායමේ සෙ/487244 පාසෙ භගවත්තගේ එන්ඒ සහ දක්ෂතම ක්‍රිඩකයා ලෙස 3 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායමේ සෙ/488436 පාසෙ කපුගමගේ ඩිආර් කුසලාන හිමි කරගන්නා ලදි. ඒ අනුව මෙම තරගයේ විශේෂ අවස්ථාවන් ආවරණය වන පරිදි ලබාගන්නා ලද ඡායාරූප යුද්ධ හමුදා වෙබ් අඩවියේ හා රණවිරුවා සඟරාවේ පලකිරිම සදහා මේ සමග ඉදිරිපත් කරනු ලබන බැව් කාරුණිකව දන්වා සිටිනු ලැබේ.