Header Sinhala

08th February 2025 17:00:50 Hours

53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේ කදවුරු සංචාරයක

53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්‍රමරත්න ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් තනතුරේ රාජකාරි භාරගැනිමෙන් පසු 2025 ජනවාරි මස 28 වන දින ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේ නිල සංචාරයක නිරත වන ලදි.

එම අවස්ථාවේ ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක තුමන් වන මේජර් එච්එම්ටිඑච් ලක්මාල් ගැහේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සේනාංකාධිපති තුමන් පිළිගන්නා ලදි. ඉන් පසුව කදවුර පිළිබදව දැනුවත් කිරීම, කදවුරු සංචාරය සනිටුවහන් කිරීම සඳහා පැලයක් රෝපණය කිරීම, කදවුරු භූමීය තුල සංචාරයක නිරත වීම හා පුහුණුවීම් සිදු කරන ස්ථානයන් නිරික්‍ෂණය කිරීම සිදු කරන ලදි.