Header Sinhala

17th July 2022 21:46:26 Hours

53 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති තුමන් සිය ධුරයේ රාජකාරි භාරගැනිම

53 වන පාබල සේනාංකයේ 29 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් එච්එම්යු හේරත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.06.17 වන දින 53 වන පාබල සේනාංක මුලස්ථානයේදි සුභ මොහොතින් සිය ධුරයේ රාජකාරි භාර ගත් අතර, යුද්ධ හමුදා සම්ප්‍රදානුකූලව 53 වන පාබල සේනාංකාධිපති තුමන් හට 3, 8 සහ 22 වන ගජබා ඒකකයන්හි රාජකාරි නියුතු භටපිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් සහ හමුදා සම්මාන ආචාර පෙලපාලියක් ද පිරිනමන ලදී.

නව සේනාංකාධිපති තුමන් රාජකාරි ආරම්භ කිරිම සනිටුහන් කිරිම වස් කාර්යාල පරිශ්‍රයේදී පැලයක් රෝපණය කල අතර, නව සේනාංකාධිපති තුමන් විසින් 53 වන පාබල සේනාංකය යටතේ රාජකාරි කරනු ලබන භටපිරිස් අමතා ඉදිරි රාජකාරි ස්වාභාවය පිළිබඳ පැහැදිලි කිරිමක් සිදු කරන ලදි. පසුව සේනාංකාධිපති තුමන් සියළුම නිලයින් සමග තේ පැන් සංග්‍රහයකට සහභාගි විය. මෙම උත්සව අවස්ථාව සඳහා 53 වන පාබල සේනාංකයට අයත් බලසේනාවන්හි බලසේනාධිපති වරුන්, 53 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, කර්නල් (පාලන/භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, ඒකක අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වන ලදි.