Header Sinhala

20th December 2022 15:10:45 Hours

53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නව සේනාංකාධිපති තුමන් සිය ධුරයේ රාජකාරි භාරගැනිම

53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) 30 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ශානක රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 නොවැම්බර් 10 වන දින 53 වන පාබල සේනාංක (ආර්එස්එෆ්) මුලස්ථානයේදි සුභ මොහොතින් සිය ධුරයේ රාජකාරි භාර ගත් අතර, යුද්ධ හමුදා සම්ප්‍රදානුකූලව 53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) සේනාංකාධිපති තුමන් හට 6 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් සහ හමුදා සම්මාන ආචාර පෙලපාලියක් ද පිරිනමන ලදී.

නව සේනාංකාධිපති තුමන් 53 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් සමඟ සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියේය. මෙම උත්සව අවස්ථාව සඳහා 53 වන පාබල සේනාංකයට අයත් බලසේනාවන්හි බලසේනාධිපති වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඒකක අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වන ලදි.