21st January 2026 10:50:10 Hours
53 වන පාබල සේනාංකයේ (RSF) සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්‍රමරත්න ආර්එස්පී 2025 අගෝස්තු 06 වන දින 53 වන පාබල සේනාංකයේ (RSF) 32 වන සේනාංකාධිපති ලෙස සිය රාජකාරි අවසන් කරමින් 1 වන බලකායේ බලකාධිපති ලෙස රාජකාරි භාරගනීම සඳහා නික්ම යන ලදී.
එතුමාගේ නික්මයාම සනිටුහන් කිරීම සඳහා, නික්ම යන සේනාංකාධිපති තුමන් හට ගෞරව දැක්වීම සඳහා කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. තවද, සේනාංකාධිපති 53 වන පාබල සේනාංකයේ (RSF) සහ ඒ යටතේ ඇති බලසේනා/බලඇණිවල සියලුම භට පිරිස් ඇමතීමටද මෙය අවස්ථාවක් කර ගන්නා ලදී.