21st January 2026 11:02:32 Hours
ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් GAT ගොඩේවත්ත RWP RSP (0/62251) 2025 අගෝස්තු 08 වන දින 53 වන පාබල සේනාංකයේ (RSF) 33 වන සේනාංකාධිපති ලෙස වැඩ භාර ගන්නා ලදී.
නව සේනාංකාධිපති තුමා පිළිගැනීම සඳහා උත්සවාකාරයෙන් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමන ලදී. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සේනාංකාධිපති තුමන් විසින් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට සඳුන් පැළයක් රෝපණය කළ අතර, ඉන් අනතුරුව 53 වන පාබල සේනාංකයේ (RSF), බලසේනා සහ බලඇණි වල සහභාගි වු නිලධාරි ඇතුළුව සියලුම භට පිරිස් අමතනු ලැබීය.