Header Sinhala

19th December 2023 08:37:09 Hours

53 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

53 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ තවත් එක් ප්‍රජා සත්කාරක වැඩසටහනක් වශයෙන් දඹුල්ල, සීගිරිය, ඉනාමළුව, දිගම්පතාන, පොළත්තාව, වරාහේන, නාගල්වැව, සියඹලාවැව, කිඹිස්ස, පහළවැව, වැලිහේන, කලෝගහඇළ, රොටෝරිගම, හේන්වෙලයාගම, පැල්වෙහෙර සහ කණ්ඩලගම ප්‍රදේශවල වෙසෙන තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 130 ක් වෙත 2023 නොවැම්බර් මස 2 දින දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.

සම්මා ජෝති මහා හිමිපාණන් හා වියාන් තෙරණිය ඇතුළු වියට්නාම හිමිවරුන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙක් වන මහනුවර අස්ගිරි මහා විහාරස්ථානයේ කේ සීලානන්ද හිමිපාණන්ගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත එම ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් සමඟ සාකච්ඡා කර ප්‍රතිලාභීන් තෝරාගැනීමෙන් අනතුරුව ඔවුන් වෙත මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය.

මෙම වැඩසටහනට සමගාමීව දානපති හිමිවරුන් විසින් ලබාදුන් අනුග්‍රාහකත්වයෙන් ආබාධිත පුද්ගලයකු වෙත රෝද පුටුවක් පරිත්‍යාග කෙරිණි.

පරිත්‍යාගශීලීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ 53 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේඑල්එස්එස් ලියනගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී සහ එම සේනාංකයේ කර්නල් පාලන සහ භඨකාර්ය සම්පාදන කර්නල් එම්ඒඑච්ඩබ්ලිව් ප්‍රේමචන්ද්‍ර ආර්එස්පී ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.