Header Sinhala

20th June 2023 10:22:59 Hours

53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) භට පිරිස් දඹුල්ල ප්‍රදේශයේ ‘පොසොන්’ කලාපයට දායක වෙති.

පොසොන් උත්සවයට සමගාමීව 2023 ජූනි මස 03 සහ 04 යන දෙදින තුළ පොසොන් කලාපයක් දඹුල්ල නගරයේ දී පැවැත්විණි. එය ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී. 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ දඹුල්ල ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය ආයතනවල නිළධාරීගේ අධීක්‍ෂණය යටතේ පොසොන් කලාපය නිර්මාණය විය. දඹුල්ල පොසොන් උත්සව කලාපය ප්‍රදේශයේ පොසොන් නරඹන්නන්ගේ සිත් ඇදගන්නා වර්ණවත් පොසොන් කූඩු සහ දන්සල් වලින් සමන්විත විය.