Header Sinhala

10th January 2024 10:03:19 Hours

53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නව නියෝජ්‍ය සේනාංකාධිපති තුමන් සිය ධූරයේ රාජකාරී භාර ගැනීම

53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නව නියෝජ්‍ය සේනාවිධායක ලෙස බ්‍රිග්‍රේඩියර් ජීඩීඑස්එම් අල්විස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 2024.01.01 දින හබරණ 53 වන පාබල සේනාංක මූලස්ථානයේදී සුභ මොහොතින් සිය ධූරයේ රාජකාරී භාර ගන්නා ලදී.

53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නව නියෝජ්‍ය සේනාවිධායක තුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් රාජකාරී භාර ගැනීම සනිටුහන් කරන ලදී. මෙම අවස්ථාවට 53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක්ද සහාභාගී වූහ.