Header Sinhala

20th December 2022 14:51:31 Hours

53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නව නියෝජ්‍ය සේනාංකාධිපති තුමන් සිය ධුරයේ රාජකාරි භාරගැනිම

53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) 5 වන නියෝජ්‍ය සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්එම්පිඑම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා 2022 නොවැම්බර් 09 වන දින හබරණ, 53 වන පාබල සේනාංක මුලස්ථානයේදි සුභ මොහොතින් සිය ධුරයේ රාජකාරි භාරගත් අතර යුද්ධ හමුදා සම්ප්‍රදානුකූලව 53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නියෝජ්‍ය සේනාංකාධිපති තුමන් හට 6 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් සහ හමුදා සම්මාන ආචාර පෙලපාලියක් ද පිරිනමන ලදී.