Header Sinhala

11th March 2024 13:06:35 Hours

53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නව කර්නල් සම්බන්ධීකරණ සිය ධුරයේ රාජකාරි භාරගැනිම

53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නව කර්නල් සම්බන්ධීකරණ ලෙස කර්නල් එච්එම්සී පුෂ්පකුමාර ආර්ඩබ්ලිව්පී යුඑස්පී, 2024 පෙබරවාරි මස 29 දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදි.

කර්නල් සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ආගමික වතාවන් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි භාරගැනීම සනිටුවහන් කරන ලදි. මෙම අවස්ථාවට 53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නිලධාරින් හා සෙසු නිලයන් පිරිසක්ද සහභාගි වුහ.