Header Sinhala

20th June 2023 10:42:36 Hours

53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නව කර්නල් සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් රාජකාරි අරඹයි.

53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නව කර්නල් සම්බන්ධීකරණ ලෙස කර්නල් කේඒඑස්ඒකේ කුලසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එල්එල්එම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 ජුනි මස 15 දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදි.

කර්නල් සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ආගමික වතාවන් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි භාරගැනීම සනිටුවහන් කරන ලදි. මෙම අවස්ථාවට 53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නිලධාරින් හා සෙසු නිලයන් පිරිසක්ද සහභාගි වුහ.